කෘෂිකර්මයට නව සහනයක් – පොහොර සහනාධාරය වැඩි කෙරේ

Report

 රජය විසින් හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සදහන් කර තිබේ.

ඒ අනුව අදාළ සහනාධාරය රුපියල් 5000කින් වැඩි කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර තිබේ

ඔහු පෙන්වා දුන්නේ ඒ අනුව 502,836 දෙනෙකුට මෙම සහනාධාරය හිමිවන බවයි .

මේ සදහා රජය විසින් රුපියල් මිලියන 10,947ක් වැය කරන බවත් එම මුදල එකවර ගොවි ගිණුම්වලට බැර කරන බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා වැඩිදුරටත් අවධාරණය ක‍ර ඇත .

රට පුරා තද සුළං අවදානමක් – කාලගුණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

රට පුරා තද සුළං අවදානමක් – කාලගුණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්