චීනයට අවශ්‍යව සිටි නිල් වරේන්තු කරුවෙකු කටුනායකෙන් අල්ලයි..
By Piyumika
චීනය තුළ එරට මුදල් ඒකකය වන යු ආන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ලක්වී සිටි, චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කල පුවතක් වාර්තා වේ .
28 හැවිරිදි මෙම චීන ජාතිකයා එරට මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් , චීනයට අවශ්‍යව සිටි පුද්ගලයෙකි .
මොහු ඉකුත් 03 දින මාළදිවයින සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි .