වේලු කුමාර්ගේ කීර්තියට හානි කල දයාසිරිගේ ප්‍රකාශයකට වාරණ නියෝගයක්..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයෙන් ඉකුත්දා රජයට එක් වූ වේලු කුමාර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය සැප්තැම්බර් (05) වාරණ නියෝගයක් නිකුත් කළේය.

ප්‍රසිද්ධ පාසලක සිසුන් හතර දෙනෙකු අතුරුදහන්..

ප්‍රසිද්ධ පාසලක සිසුන් හතර දෙනෙකු අතුරුදහන්..

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා වේලු කුමාර් මන්ත්‍රීවරයා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

නවසීලන්තයේ ආදිවාසීන්ගේ රාජාභිෂේකය ..(VIDEO/PHOTO)

නවසීලන්තයේ ආදිවාසීන්ගේ රාජාභිෂේකය ..(VIDEO/PHOTO)

ඒ අනුව අදාළ ප්‍රකාශය දයාසිරි ජයසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ සහ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර එය දින 14ක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.