රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදුකරන විමර්ශනයක සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර ඇත.
සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීමෙන් වැළකීමෙන් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළේය.