කටේ සද්ද වැඩි.. ආගමික නායකයින්ව දුට්ටු දෙකට දාලා කතා කරපු නි.ඇමති ගෙදර යයි ද?
සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව ඉදිරිපත් කළ ඒකාබද්ධ විශ්වාසභංග යෝජනාව අද (12) දහවල් කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.
මෙම යෝජනාව ඊයේ (11) කථානායකවරයාට භාරදීමට සැලසුම් කර තිබුණු බව වාර්තා වේ.
නමුත් ඊයේ (11) දිනයේ කථානායකවරයා පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි බැවින්, එය භාරදීමට නොහැකි වූ බව වාර්තා වේ.