රළු මුහුද හා තද සුළං ගැන අනතුරු ඇඟවීමක්
By Hashini
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම නිවේදනය හෙට (20) උදෑසන 5.30 දක්වා බලපැවැත්වෙන බවයි.
අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා .
මේ අතර අදාළ ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 - 65 දක්වා වැඩි විය හැකිය.
මේ පිළිබඳ ධීවරයින් සහ නාවිකයින් අවදානය යොමු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.