උතුරේ ජනතාවට අනතුරු ඇඟවීමක් - තද වැසි අපේක්ෂා කෙරේ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇතැම් ප්‍රදේශවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ස්වල්ප වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.