ජනාධිපතිවරයාට වතු සේවකයන්ගෙන් උණුසුම් පිළිගැනීම - වැටුප් වැඩිවීමේ ස්තුතිය දැනුම් දෙයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී අවට වතුයායන්හි වතු සේවකයින් පිරිසක් හමුවී ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත විය.

ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ වතු කම්කරුවන් විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගත් අතර, තමන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ස්තූතිය ද පළ කර ඇත.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වතු කම්කරුවන් සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන්ගේ වැටුප් වැඩි කිරීමට පමණක් නොව, වතු කම්කරුවන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණි එකම ජනාධිපතිවරයා බවය.

රාජ්‍ය සේවය බිඳවැටෙයිද? චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයට අනතුරු අඟවයි

රාජ්‍ය සේවය බිඳවැටෙයිද? චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයට අනතුරු අඟවයි

අද ඔබ නොදන්න රහස් අනාවැකි - දැන්ම ලග්න පලාපල කියවන්න

අද ඔබ නොදන්න රහස් අනාවැකි - දැන්ම ලග්න පලාපල කියවන්න