COSCO සමූහය මැදපෙරදිග නැව්ගත කිරීම් තාවකාලිකව අත්හිටුවයි

Report

චීනයේ ප්‍රමුඛතම නැව්ගත කිරීම් සහ සැපයුම් සමූහ ව්‍යාපාරයක් වන COSCO Shipping විසින් මැදපෙරදිග මාර්ගවල නැව්ගත කිරීම් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම තීරණය අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, බහරේන්, ඉරාකය සහ කුවේට් ඇතුළු මැදපෙරදිග කලාපයේ වරායන් වෙත සහ එමගින් පිටතට යන සියලුම නව භාණ්ඩ බුකිං අත්හිටුවා ඇති අතර, මෙය ක්‍රියාත්මක වන්නේ වහාම සිදුවන බවත්, තවදුරටත් නිවේදනයක් නොමැති වන තුරු පවතින බවත් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

සුළු මොහොතකට පෙර ඉරාන නැවට පහරදුන්නේ තමන් බව ඇමරිකාව නිවේදනය කරයි

සුළු මොහොතකට පෙර ඉරාන නැවට පහරදුන්නේ තමන් බව ඇමරිකාව නිවේදනය කරයි

COSCO Shipping Lines විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම කලාපයේ ගැටුම් උග්‍ර වීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමන් බිමන්වල සීමාවන් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. මෙය භාණ්ඩ ප්‍රවාහනයේ ආරක්ෂාව සහ මෙහෙයුම්වල ස්ථාවරත්වය උපරිම කිරීම සඳහා ගත් තීරණයක් ලෙසයි සමාගම විසින් විස්තර කර ඇත්තේ.

මේ වන විට සමාගම විසින් දැනට නැව්වල ඇති භාණ්ඩ සඳහා විකල්ප වරායන් හෝ වෙනත් ක්‍රමවේදයන් පිළිබඳව තක්සේරු කරමින් සිටින බවත් වාර්තා වෙනවා.

මැදපෙරදිග උණුසුම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට බලපායි.. ආර්ථිකයට දැඩි හානියක් - සාලිය පීරිස්

මැදපෙරදිග උණුසුම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට බලපායි.. ආර්ථිකයට දැඩි හානියක් - සාලිය පීරිස්