T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වලින් වනිදු ඉදිරියටම එයි - ලැබුණු නවතම ස්ථානය මෙන්න

Report

පන්දුවාර 20 නවතම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග තුන්වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඔහු ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692ක්. වනිඳු හසරංග T20 තුන් ඉරියව් ක්‍රීඩකයන ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ හතරවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 184ක් හිමිකරගනිමින්.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Adam Zampa T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල හතරවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබෙනවා. දකුණු අප්‍රිකා ක්‍රීඩක Tabraiz Shamsi ස්ථාන දෙකක් පහළට යාමත් සමඟයි ඔවුන් දෙදෙනාට මෙම නව ස්ථාන හිමිව ඇත්තේ.

මේ වන විට T 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන පසුවන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Josh Hazlewood. ඉන්දීය ප්‍රබල පිතිකරුවෙකු වන Suryakumar Yadavට T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය අහිමිව තිබෙනවා ඒ අනුව විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි නවතම යාවත්කාලීන කිරීමට අනුව පළමු තැන පාකිස්තාන පිතිකරුවෙකු වන Mohammad Rizwan ටයි හිමිවී ඇත්තේ.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 854ක්. මේ අතර T20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 8 වන ස්ථානයේ පසුවන අතර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ 7 වන ස්ථානයේ පසුවෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

Gallery