දරුණු අනතුරක් පාසලක බැම්මක් කඩා වැටී සිසුන් තිදෙනෙක් රෝහලට
බොරැල්ල ප්‍රදේශයෙන් ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව වාර්තා වී තිබේ.
මේ අනුව කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පාසලක පැති බැම්මක් කඩා වැටී තිබේ.
මෙම අනතුරෙන් සිසුන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුර සිදුව ඇත්තේ ඩෝසර් රථය පාසල් බැම්මේ ගැටීමත් සමඟය.
පසුව බැම්ම කඩා වැටි ඇති අතර ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු මෙසෙල තුවාල ලබා ඇති බව වාර්තා වේ. එක් සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පාසල් ක්‍රීඩා පිට්ටනියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙකි. 48 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඩෝසර් රථය පොලිස් භාරයට ගෙන තිබේ.