දේශබන්දුගේ සහචරයින් අධිකරණයට භාර වෙයි!
මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව එවක පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළුව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 27වනදා නියෝගයක් ලබාදී තිබුණි.
එම වෙඩිතැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මිය යෑම හේතුවෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නඩුව පවරා තිබේ.
මෙම සිද්ධියට අදාල සැකකාර නිලධාරීන් 6 දෙනා අද(21) මෝසමක් මගින් මාතර අධිකරණයට භාර වී ඇති බව වාර්තා වේ.
මූලික විමර්ශන අවසන් වනතෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළුව මෙම නිලධාරීන් අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණේ දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණය මඟ හැර සැඟව සිටීම හේතුවෙනි.
මෙම සිද්ධියට අදාල වීඩියෝව පහතින් නරඹන්න.