දේශපාලන කරලිය පුදුම කරමින්, ජනපති අතින් අමාත්‍යධූර 2ක් දෙන්නෙක්ට..

Sri Lanka Politician President of Sri lanka Vadivel Suresh Latest Headlines Decision Making
By krishani Aug 21, 2024 11:51 AM GMT
krishani

krishani

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතාට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍යධුර පිරිනමා තිබෙනවා.

දේශපාලන කරලිය පුදුම කරමින්, ජනපති අතින් අමාත්‍යධූර 2ක් දෙන්නෙක්ට.. | Wadivel And Zaheer Ministerial Posts

ඒ අනුව අලි සාහීර් මව්ලානා මහතාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා තිබෙනවා.

එමෙන්ම, වඩිවෙල් සුරේෂ් මහතා ව පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ය.

කොළඹ,මහනුවර,ගාල්ල සහ තවත් දිස්ත්‍රික්කයක්.. ගැන එකවර ගත් තීරණය මෙන්න.. නොහිතපු දෙයක්..

කොළඹ,මහනුවර,ගාල්ල සහ තවත් දිස්ත්‍රික්කයක්.. ගැන එකවර ගත් තීරණය මෙන්න.. නොහිතපු දෙයක්..


කෙසේ වෙතත්, මෙම අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මේ අතර, වඩිවෙල් සුරේෂ් මහතා බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

2020 මහ මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් වැඩිම මනාප ඔහු හිමි කරගත්තේ ය.

ඒ අනුව ඔහු හිමිකරගත් මනාප ඡන්ද ගණන 49,762ක් වේ.

සියල්ලන් හඬවමින්, එජාපයෙන් දේශපාලනයට ආ ප්‍රබලයෙක් දිවි සැරියට සමු දෙයි..(PHOTOS)

සියල්ලන් හඬවමින්, එජාපයෙන් දේශපාලනයට ආ ප්‍රබලයෙක් දිවි සැරියට සමු දෙයි..(PHOTOS)


තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දක්වන බව ඔහු පසුගියදා කියා සිටියේ ය.

ඒ මහතා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

මේ අතර, මව්ලානා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරයි.

ඒ මහතා පාර්ලිමේන්තුවට පත්වූයේ නසීර් අහමඩ් ට මන්ත්‍රී ධුරය අහිමිවීම හේතුවෙන් ය.

මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..

මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..


2023 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ඒ මහතා ව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය නිවැරදි බව ය.

ඒ අනුව 2023 ඔක්තෝබර් 17 වනදා මව්ලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දුන්නේ ය.

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙසද කටයුතු කරන මවුලානා මහතා අගෝස්තු 16 වනදා නිවේදනය කළේ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ය.