වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් රකින්න ස්වේච්ඡා නීතිඥ සංචිතයක්..සුදුසුකම් සහිත නීතිඥවරුන්ගෙන් අයදුම්පත් කැඳවයි..

By Piyumika Feb 03, 2025 08:01 AM GMT
Report

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවකයන් ලෙස ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබාගැනීම සදහාවූ නීතිඥ සංචිතයක් පිහිටුවීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

විශේෂ සැලැස්මකට පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා කල මෙහෙයුමට ''පොල්කොටුවේ ගඩ්ඩා''කොටුවේ..

විශේෂ සැලැස්මකට පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා කල මෙහෙයුමට ''පොල්කොටුවේ ගඩ්ඩා''කොටුවේ..

ළමා අපයෝජන වින්දිතයන් වෙනුවෙන් වූ නඩු සඳහා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමත් බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වලක්වා ගනිමින් කටයුතු කිරීමත් එම සංචිතයේ නීතිඥවරුන්ගෙන් අපේක්ෂා කරන අතර සියලු වෘත්තිය වියදම් හා ප්‍රවාහන වියදම් එම නීතිඥවරුන් විසින් දැරිය යුතු බව එම අධිකාරිය සඳහන් කරයි.

සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු සම්බන්ධයෙන් තහනම් නියෝගයක්...

සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු සම්බන්ධයෙන් තහනම් නියෝගයක්...

නීතිඥවරයෙකු ලෙස අවු 10 කට වඩා වැඩි වෘත්තීය අත්දැකීම් සහිත මහේස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණ නඩු සදහා පෙනී සිටීම පිළිබද පළපුරුද්දක් ඇති සුදුසුකම් සහිත නීතිඥවරුන්ගෙන් මේ සඳහා අයදුම්පත් කැඳවා ඇතැයිද එම අධිකාරිය පැවසීය.

You may like this video