පුටින්ගේ සුඛෝපභෝගී ලිමොසින් මෝටර් රථයක් ගිනි ගනී
By Shehan
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ (Vladimir Putin) නිල රථ පෙළට අයත් සුඛෝපභෝගී ලිමොසින් මෝටර් (Limousine) රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව ඇත.
මෙම රථය මොස්කව් නගරයේ වීදියක ගිනි ගනිමින් තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.
අමෙරිකානු ඩොලර් 357,000කට ආසන්න වටිනාකමකින් යුතු මෙම මෝටර් රථය ගිනි ගැනීමෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත්, මෙම සිදුවීම පුටින්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ කනස්සල්ලක් ඇති කරන බව ඇතැමුන් පෙන්වා දී ඇත.
තවද, සමහර මාධ්‍ය වාර්තාවලට අනුව, මෙය රුසියානු ජනාධිපතිවරයාට එරෙහි ඝාතන උත්සාහයක් ලෙස සැක කළ හැකි බවට අනුමාන කෙරේ.