දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව 100% කින් ඉහළට

Report

රජය විසින් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම්පත්‍ර සඳහා අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් (100%) ඉහළ දැමීමට තීරණය කර ඇත.  

මුදල් අමාත්‍යාංශය පවසන පරිදි, මෙම ගාස්තු ඉහළ දැමීම අප්‍රේල් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

දැනට, දේපළක් බද්දට හෝ කුලියට දීමේදී ගිවිසුම්වල මුළු කාලපරිච්ඡේදය සඳහා ගෙවිය යුතු එකතු කල්බදු හෝ කුලී මුදල (අධි මිල ඇතුළුව) රුපියල් 1,000කට හෝ එහි කොටසකට රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අය කෙරේ.

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් CIDයට

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් CIDයට

එම මුද්දර ගාස්තුව අප්‍රේල් 1 වැනිදා සිට රුපියල් 20 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත. මේ සම්බන්ධ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් දැනටමත් නිකුත් කර තිබේ.

2006 වසරෙන් පසු මෙම මුද්දර ගාස්තුව සංශෝධනය වන පළමු අවස්ථාව මෙය වන බව විශේෂත්වයකි.

කෙසේ වුවත්, පාරිභෝගික ණය පනත යටතේ සින්නක්කර ගිවිසුම්වල ගෙවිය යුතු මුළු වටිනාකමට අදාළව රුපියල් 1,000කට හෝ එහි කොටසකට අය කෙරෙන රුපියල් 10ක මුද්දර ගාස්තුව සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍යාංශය පැහැදිළි කළේය. ඒ අනුව, එම ගාස්තුව රුපියල් 10ක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.  

වැඩිහිටි දීමනාව ගැන අලුත්ම ආරංචියක්

වැඩිහිටි දීමනාව ගැන අලුත්ම ආරංචියක්