විරාත් කෝලි ගත් අලුත්ම තීරණය....

By Hashini May 10, 2025 03:57 AM GMT
Report

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) ඔහු සිය තීරණය සම්බන්ධයෙන් දැනුම්දී ඇති බව සඳහන්.

කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන තරග 5කින් ටෙස්ට් තරගාවලියකට සහභාගිවීමට නියමිතව ඇති හෙයින් එම තරගාවලියෙන් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් සලකාබලන ලෙස ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කෝලිගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

"ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාමයන බව මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. නමුත් තීරණාත්මක එංගලන්ත සංචාරය ඉදිරියේ දී තිබෙන බැවින් එම තීරණය ගැන නැවත සිතා බලන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කළා. නමුත් කෝලි තවමත් එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ නෑ" යනුවෙන් BCCI උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

ඉන්දීය ටෙස්ට් නායක ලෙසින් කටයුතු කළ රෝහිත් ෂර්මා ද පසුගියදා ටෙස්ට් විශ්‍රාම යන බව නිවේදනය කළේය.

කෝලි මේ වනවිට ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ඉනිම් 210ක් ක්‍රීඩාකර ඇති අතර ලකුණු 9,230ක් රැස්කරගෙන සිටියි.

ඉනිමක සාමාන්‍ය 46.85 ලෙසින් පවත්වාගෙන සිටින කෝලි ශතක 30ක් හා අර්ධ ශතක 31ක් රැස්කරගෙන සිටියි. 

අනාගත ගුරුවරුන් ගැන ඇහෙන අලුත්ම කතාව......

අනාගත ගුරුවරුන් ගැන ඇහෙන අලුත්ම කතාව......