විදුහල්පතිවරයෙක් වෙලත් එපා කියද්දීම බලන්න කරලා තියන දේ..

Report

මුලතිව්, පුදුකුඩීඉරිප්පු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය සලකුණු කළ නිල ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූපගත කළ පුද්ගලයාව මුලතිව් පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුන් 70ක් අතුරුදහන් කරමින් 17 කට මාරු කැදවූ ප්‍රථමික පාසල් ඛේදවාචකය ..(VIDEO/PHOTO)

සිසුන් 70ක් අතුරුදහන් කරමින් 17 කට මාරු කැදවූ ප්‍රථමික පාසල් ඛේදවාචකය ..(VIDEO/PHOTO)

මුලතිව් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු බවයි.

පසුගිය සිකුරාදා තැපැල් ඡන්දය භාවිත කළ අවස්ථාවේදී එම විදුහල්පතිවරයා දෙමළ අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කොට එම නිල ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප කීපයක් ගෙන ඇත.

අඹු සැමි ආරවුල් දෙකක් - පොරව පහරකින් සහ පොලු පහරකින් නිමා වූ හැටි..

අඹු සැමි ආරවුල් දෙකක් - පොරව පහරකින් සහ පොලු පහරකින් නිමා වූ හැටි..

එම අවස්ථාවේදී සිද්ධිය දුටු වෙනත් අයෙකු ඒ පිළිබදව මැතිවරණ නිලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුව මැතිවරණ නිලධාරීන් මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඒ බව දන්වා තිබේ . එහිදී එම නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අදාල විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලිසියට හැකි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඔහු ලබා ගත් ඡායාරූප හා එම ඡායාරූප කීප දෙනෙකු වෙත යවා ඇති ආකාරයත් පොලීසියට නිරීක්ෂණය වීම නිසා ගුරුවරයාගේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගැනුණි.

''රට ගොඩනගන්නේ කෙසේද'' පැනයට අනිත් අපේක්‍ෂකයන්ට පිළිතුරක් නැද්ද ..ජනාධිපති අපේක්ෂක විවාදයේ සිදුවූ දේ..(VIDEO)

''රට ගොඩනගන්නේ කෙසේද'' පැනයට අනිත් අපේක්‍ෂකයන්ට පිළිතුරක් නැද්ද ..ජනාධිපති අපේක්ෂක විවාදයේ සිදුවූ දේ..(VIDEO)

අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ තම ඡන්දය ස්ථිර වශයෙන්ම එම අපේක්ෂකයා වෙත සලකුණු කළ බව එම අපේක්ෂකයාට තහවුරු කිරීම පිණිස ඔහුට යැවීමට එහි ඡායාරූප ගත් බවයි.

අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුලතිව් මැතිවරණ නිලධාරීන් හා පොලීසිය පියවර ගෙන තිබෙනවා.