ජිනීවා ගිය විජිත මානව හිමිකම් කොමසාරිස් හමුවෙයි
මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අද (10) දින ජිනීවාහි දී මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා හමු වී දන්වා ඇති බව වාර්තා වේ.
ඒ මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසියට සහභාගි වීමට ජිනීවා ගොස් සිටින අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා අතර හමුවේදීයි.
මෙම අවස්ථාවේදී Volker Turk මහතා ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
අඳාළ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරය සවිස්තරාත්මකව අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී පැහැදිලි කර ඇත.
ඒ අනුව නව රජය යටතේ ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව හැරවුමක් ලබා ඇති බවත් අතීතයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමටත් සහ වගවීමේ යාන්ත්‍රණය නිසි ලෙස ස්ථාපිත කිරීමටත් ලැබී තිබෙන මෙම අවස්ථාව මඟනොහරිනු ඇති බවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් තම අපේක්ෂාව පළකළ තිබෙනවා.