ඇමති විජිතගෙන් තමිල්නාඩු මහ ඇමතිට දුරකථන ඇමතුමක්

Report

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මෙරට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට හදිසි සහනාධාර ලබාදීම පිළිබද ස්තුතිය පළකර තිබේ.

ඒ වගේම ශ්‍රී ලංකාවට සමීපව පිහිටි ප්‍රාන්තය ලෙස ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම දුෂ්කර අභියෝගයක් හමුවේම ලංකාවට සහය ලබාදීම පිළිබදව අමාත්‍ය විජිත හේරත් මහතා ස්ටාලින් මහතාට සිය ප්‍රසාදය පළ කරන ලදි.

තවද අමාත්‍ය විජිත හේරත් මහතා තව දුරටත් විශ්වාසය පලකළේ ශ්‍රී ලංකාව සමඟ තමිල්නාඩු රජය පවත්වන මිත්‍රශීලී සබඳතාව තවදුරටත් ශක්තිමත් වූ බවත් ශ්‍රී ලංකාව සමග පවත්වන සුහදතාවය සහ සහයෝගය අඛණ්ඩව වර්ධනය වනු ඇති බවයි.

ලංකාවෙන් 5න් එකක් විනාස වෙලා ඇග හිරිවැටෙන හෙළිදරව්වක්

ලංකාවෙන් 5න් එකක් විනාස වෙලා ඇග හිරිවැටෙන හෙළිදරව්වක්

දිට්වා නිසා මියගිය අතුරුදන් වුණ මරණ ලියාපදිංචියට අලුත් නීතියක්

දිට්වා නිසා මියගිය අතුරුදන් වුණ මරණ ලියාපදිංචියට අලුත් නීතියක්