පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.

Vijitha Herath
By Wayomi Oct 04, 2024 06:25 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධුර කාලය තුළ ජනාධිපති මුක්තිය හේතුවෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු පිළිබඳ නෛතික කටයුතු ඉදිරියට ගෙන නොගිය බවට වත්මන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

ඒ, පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීයි,

ඔක්තෝබර් මාසයේ සියලුම රාජ්‍ය සේවකයින්ට රු. 3000 ක විශ්‍රාම වැටුප් දීමනාව අහිමි වෙයි.?

ඔක්තෝබර් මාසයේ සියලුම රාජ්‍ය සේවකයින්ට රු. 3000 ක විශ්‍රාම වැටුප් දීමනාව අහිමි වෙයි.?


නූලෙන් බේරුනු ධම්මික පෙරේරා දේශපාලන ජීවිතය ගැන හදිසි තීරණයක්.?

නූලෙන් බේරුනු ධම්මික පෙරේරා දේශපාලන ජීවිතය ගැන හදිසි තීරණයක්.?


කෙසේ වෙතත් එම ප්‍රකාශය සාවද්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, බැඳුම්කර චෝදනාවට රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් නොමැති බව ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කොමිෂන් සභාව විසින්ම තහවුරු කරමින් ඔහුව නිදහස් කර ඇති බවයි.

"රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ජනාධිපතිවරයා නෙමෙයි. ඒ නිසා මුක්තිය නැහැ. දැන් අපිට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තියෙනවා. අපි ඉස්සරහට බලමු ඒකේ ක්‍රියාමාර්ග".

කිරිඇල්ල අර්බුදයක. - දුව තරග කරන්න ඉල්ලයි. - තාත්තාට ගෙදර ඉන්න වෙලා.

කිරිඇල්ල අර්බුදයක. - දුව තරග කරන්න ඉල්ලයි. - තාත්තාට ගෙදර ඉන්න වෙලා.


මීට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ එවක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙන්න,

එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැඳුම්කර ගනුදෙනුව විභාග කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කළ අතර, ඉන් අනතුරුව 2015 පෙබරවාරි 27 වනදා සිදුකළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කරන ලදී.

ඉන් අනතුරුව එවකට විනිසුරුවරුන් ලෙස කටයුතු කළ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර, එහිදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සාක්ෂි ලබා දුනි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන් නිකුත් කරයි. - එම මිල ගණන් මෙන්න.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන් නිකුත් කරයි. - එම මිල ගණන් මෙන්න.


මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් වනුයේ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් යම් පරීක්ෂණ පැවැතිය ද, මහ බැංකුව විසින් එම සමාගමේ රුපියල් බිලියන 12ක මුදලක් රඳවාගෙන ඇති බවය.

එබැවින් ශ්‍රී ලංකා රජයට කිසිඳු මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බව තහවුරු විය.

එම කොමිෂන් සභාව විසින්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කරමින් නිදහස් කළේය.

කෙසේවුවත් මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා පුද්ගලයන් 10 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකළ අතර මෙම නඩුව ගරු චමත් මොරායස්, ගරු දමිත් තොටවත්ත සහ ගරු එච්. නාමල් බණ්ඩාර බලල්ලේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී විභාගයට ගැනුණි.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරුණි.

එවැනි පසුබිමක වගකිවයුතු අමාත්‍යවරයකු සහ කැබිනට් ප්‍රකාශක ලෙස දැන හෝ නොදැන සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම නුසුදුසු බව කාරුණිකව දැනුම් දෙමි.

සුබ ආරංචියක්. - රන් මිල තව දුරටත් පහලට - සටහන් වන නව මිල ගණන් මෙන්න.

සුබ ආරංචියක්. - රන් මිල තව දුරටත් පහලට - සටහන් වන නව මිල ගණන් මෙන්න.

   

කතානායක සමුගන්න පාර්ලිමේන්තුවේ සාදයක්.? - දිනය මෙන්න.

කතානායක සමුගන්න පාර්ලිමේන්තුවේ සාදයක්.? - දිනය මෙන්න.