බෙලරුස් සංචාරයේ නිරත වන විදේශ අමාත්‍ය විජිත හේරත්ගෙන් සටහනක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මැයි 12 සිට 15 වැනිදා දක්වා බෙලරුස් ජනරජයේ සිව්දින නිල සංචාරයක නිරතව ඇත.
බෙලරුස් විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව් (Maxim Ryzhenkov) මහතා විසින් කරන ලද විශේෂ ආරාධනයකට අනුව දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 25 වැනි සංවත්සරයට සමගාමීව මෙම සංචාරය සංවිධානය වී ඇත.
මෙම සංචාරය හා එක්වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඔහුගේ නිල මුහුණු පොතේ මේ ආකාරයෙන් සටහනක් එක්කර තිබේ.
"බෙලරුස් සමූහාණ්ඩුවේ සිදු කරන නිල සංචාරය ආරම්භ කරමින්, විජයග්‍රාහී චතුරස්‍රයේ (Victory Square) පැවැති උත්කර්ෂවත් උත්සවයකට සහභාගී වී, මියගිය විරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දැක්වීමට ලැබීම මහත් ගෞරවයක්. මෙම උත්සවය බෙලරුස් ජනතාවගේ කැපකිරීම සහ නොසැලෙන ධෛර්යය ඇගයීමට ලක් කළ අතර, සාමය, ස්වෛරීභාවය සහ මිත්‍රත්වය වෙනුවෙන් අප සතු පොදු ගෞරවය මින් පිළිබිඹු විය. 1954 වසරේ ඉදිකරන ලද විජයග්‍රාහී චතුරස්‍රයේ පිහිටි මෙම ස්මාරකය, බෙලරුස් රාජ්‍යයේ අනුස්මරණය පිළිබඳ වැදගත්ම ජාතික සංකේතයක් ලෙස සැලකේ."
Honoured to commence my official visit to the Republic of Belarus 🇧🇾 by attending a solemn ceremony at Victory Square and laying a wreath in remembrance of the fallen soldiers.
— Vijitha Herath (@HMVijithaHerath) May 13, 2026
The ceremony paid tribute to the sacrifice and resilience of the people of Belarus, and reflected our… pic.twitter.com/GzpAe7LhV2
Had a constructive bilateral meeting with Maxim Ryzhenkov, Minister of Foreign Affairs of the Republic of Belarus 🇧🇾 during my official visit to Belarus.
— Vijitha Herath (@HMVijithaHerath) May 13, 2026
We discussed strengthening Sri Lanka–Belarus relations across multiple sectors, including political, economic, educational,… pic.twitter.com/aXdPEb2g4b