"මම යනවා ඒත් මන් ඔයාලට ආදරෙයි..." - ජීවිතයෙන් සමුගන්නට පෙර ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ දියණිය ලියූ හද කම්පා කරවන ලිපිය..

By Sithumi Sep 20, 2023 12:36 PM GMT
Report

සුප්‍රසිද්ධ සංගීත නිර්මාපකයෙකු සහ රංගන ශිල්පියෙකු වන විජේ ඇන්ටනිගේ දියණිය මීරා ඊයේ (19)අලුයම අභාවප්‍රාප්ත වුණා.

වාර්තා වන ආකාරයට ඊයේ අලුයම 3 ට පමණ ඇය ගෙළ වැළලාගෙන තිබෙනවා.

මීරාගේ දේහය චෙන්නායිහි ඕමන්තුරාර් රෝහලේ සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ඇගේ දෙමාපියන් වෙත භාර දී ඇත.

එමෙන්ම ඇයගේ දේහය DTK පාරේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

මීරාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල දී ලිපියක් ලැබී ඇති බව ද වාර්තා වේ.

එම ලිපියේ සඳහන් වන්නේ 'මම ඔබට ආදරෙයි. ‘අයි මිස් යූ ඕල්’ (I love You All, I Miss You All) යනුවෙන් බව මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම පේළි දහයේ සම්පූර්ණ ලිපියම ඉංග්‍රීසියෙන් ලියා තිබූ අතර මේ ලිපිය ලිව්වේ මීරා මානසික ආතතියෙන් සිටින අවස්ථාවකද?

එසේත් නැතිනම් සියදිවි නසා ගැනීමට පෙර ලියූ එකක්ද? පරීක්ෂණ ක්‍රියාත්මකයි.


- සිතුමි -