ඉන්දියාවම කළඹවමින් කොලිවුඩ් සිනමාවේ සුපිරි තරුව විජයිගේ දියණිය සියදිවි නසාගනී..(PHOTOS)
By Sewvandhi
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පියෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ද වන විජයි ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන තිබේ.
ඇය චර්ච් පාර්ක් පාසලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා.
ඊයේ (18) රාත්‍රියේ කිසියම් මානසික ආතතියකින් පසුවී ඇති දියණිය නින්දට ගොස් අලුයම 3ට පමණ නිවසේ විදුලි පංකාවේ එල්ලී සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.
පසුව විජයි ඇන්ටනී විසින් දියණියව බේරාගෙන මෝටර් රථයකින් කාවේරි රෝහල වෙත රැගෙන ගොස් තිබේ. දැරිය පරීක්ෂා කර ඇති වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇය ඒ වනවිටත් මියගොස් සිටි බවය.
රංගන ශිල්පී විජයි ඇන්ටනී 2006 වසරේ දී ෆාතිමා සමග විවාහ දිවියට පැමිණ ඇති අතර, මියගොස් ඇත්තේ මීරා නැමති 16 හැවිරිදි දියණියයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සිදුවීමෙන් සිනමා ක්ෂේත්‍රය දැඩි ලෙස කම්පාවට පත්ව ඇති බවයි.


