මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය - රටම අවුලපු ගැටුමේ අලුත්ම තත්ත්වය මෙන්න
මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවු රැඳවියන්ගේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට තීරණය කර ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා පැවසුවේ හෙට (13) සිට නඩු කටයුතු සදහා මුහුණදීමට සිටින බන්ධනාගාර රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා යොමු කිරීමට සැළසුම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළේය.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වු ගැටුමත් සමඟ බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගනු ලැබු අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ වෙනත් බන්ධනාගාර වෙත යොමු කෙරුණු රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණ වෙත ගෙන ඒමට පහසුකම් සැළසීම ගැටලුවක් වී ඇති බවයි.
එබැවින් අදාළ රැඳවියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සදහා යොමු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා සඳහන් කළේය.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වු ගැටුමින් සිදුවු හානිය පිළිබදව තක්සේරු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සඳහන් වෙයි.