ආයෙත් යුධ ගිනි ඇවිලෙයි - ඉරානයෙන් කටාර් රාජ්‍යයට ප්‍රහාර - ජනතාවට තුවාල
By Ashfa
කටාර් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් සිය වැසියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙම ප්‍රහාරය සඳහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තම රටට පවතින බව අදාළ ප්‍රහාර හෙළා දකිමින් ඔවුන් පවසා ඇත.
කටාර් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉරානය විසින් තම රට වෙත එල්ල කරන ලද ප්‍රහාර, ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් මෙන්ම සිය රටේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය උල්ලංඝණය කිරීමක් ද වන බවයි.
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය විසින් ගල්ෆ් කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු පිහිටි කටාර්, බහරේන්, කුවේට්, ජෝර්දාන්, ඕමාන් ඇතුළු රටවල හමුදා ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණි.