ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුලත හදිසියේ කරන්න හේතුව මෙන්න.

Report

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතයි.

කලක් රෝගාතුරව සිටි වික්ටර් අයිවන් මහතා ගාල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ අතර, මිය යනවිට ඔහු 75වැනි වියෙහි පසුවුවා.

මෙරට දළඳා මාලිගාවේ අනුරුවක් චීනයේ නිර්මාණය කරයි..නරඹන්න විශාල පිරිස් චීනයට එයි.(PHOTOS)

මෙරට දළඳා මාලිගාවේ අනුරුවක් චීනයේ නිර්මාණය කරයි..නරඹන්න විශාල පිරිස් චීනයට එයි.(PHOTOS)


වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකිරීමට නියමිත අතර ඒ අනුව අවසන් කටයුතු අද පස්වරු 5.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

මෙරට ගවේශණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගමියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් හදුන්වනවා. කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වු වික්ටර් අයිවන් “පොඩි අතුල” නමින් පක්ෂ විසින් හඳුන්වනු ලැබුවා.

රාජ්‍ය සේවකයින් පිරිසකගේ තනතුරේ නම වෙනස් කරයි..ලංඡනයත් වෙනස් වෙයි..ලෝකයේම පිළිගන්නා තැනට පත් කෙරේ.

රාජ්‍ය සේවකයින් පිරිසකගේ තනතුරේ නම වෙනස් කරයි..ලංඡනයත් වෙනස් වෙයි..ලෝකයේම පිළිගන්නා තැනට පත් කෙරේ.


ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන් සිල්වා පිළිබඳ ඔහු රාවය පුවත්පතේ සිදුකළ වාර්තාකරණය අදටත් කතාබහට ලක්වන මාතෘකාව.

හු පෑන අහිංසකද?, කඳුළු සලන පාරාදීසය, දෙමළ අභියෝගය, ලංකාව ගලවා ගැනීම ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කළ අතර ඒ අතරින් චෞර රැජින ග්‍රන්ථය දැඩි කතාබහකට ලක්වුවා.

You May Like This Video