වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්
By R.rishma
මහානාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදි, 2026 මැයි 30 වන දින වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස සැමරීමටත්, මැයි 27 සිට ජූනි 2 දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමටත් තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත.
ඒ අනුව, වෙසක් පොහොය දිනයට පසු දිනය වන මැයි 31 (ඉරිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස නම් වන බවද ඔහු පැවසීය.
මෙම තීරණය සම්බන්ධයෙන් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිතය.