තේ, කෝපි ඇතුළු ඉතා උණුසුම් පාන වර්ග පානය කරන අයට නරක ආරංචියක් - දැනුවත් නොවුණොත් මාරාන්තිකයි
එක්සත් රාජධානියේ මිලියනයකට ආසන්න ජනතාවක් සම්බන්ධ කර ගනිමින් කරන ලද ප්‍රධාන අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ ඉතා උණුසුම් තේ, කෝපි සහ අනෙකුත් උණුසුම් පාන වර්ග පානය කිරීමෙන් සුලභ ආකාරයේ esophageal පිළිකාවක් ඇතිවීමේ අවදානම තුන් ගුණයකින් වැඩි විය හැකි බවයි.
ඒ අනුව ජාත්‍යන්තර පිළිකා සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ උණුසුම් පාන වර්ගවලට කැමති අයට වඩා “උණුසුම්” බීම වලට කැමති පුද්ගලයින්ට esophageal squamous cell carcinoma අවදානම දෙගුණයකට ආසන්න බවයි.
එමෙන්ම “ඉතා උණුසුම්” බීමවලට කැමති අය තුන් ගුණයකට වඩා මෙම අවදානමට මුහුණ දෙන බව සඳහන්.
ආහාර නළය වශයෙන් ද හැඳින්වෙන esophagus යනු මුඛයේ සිට ආමාශයට ආහාර සහ පාන වර්ග රැගෙන යන මාංශ පේශි නළයයි.

එසේම පර්යේෂකයන් විසින් මෙම අධ්‍යයනයේදී පරිභෝජනය කරන ප්‍රමාණය ද වැදගත් විය හැකි බව සොයා ගෙන ඇත. ඒ අනුව උෂ්ණත්වය සැලකිල්ලට ගැනීමෙන් පසු, දිනකට උණුසුම් පාන වර්ග හයක් හෝ වැඩි ගණනක් පානය කිරීම, හයකට වඩා අඩුවෙන් පරිභෝජනය කරන අයට සාපේක්ෂව 71% කින් වැඩි අවදානමක් පවතින බව සඳහන්.
පිළිකා පිළිබඳ පර්යේෂණ වෙනුවෙන් වූ ජාත්‍යන්තර ආයතනය "ඉතා උණුසුම්" පාන වර්ග 65°C ට වැඩි උෂ්ණත්වයකදී පරිභෝජනය කරන ඒවා වශයෙන් අර්ථ දක්වා ඇති අතර ඉතා උණුසුම් පාන වර්ග පානය කිරීම මිනිසුන්ට පිළිකා කාරක වශයෙන් වර්ගීකරණය කර තිබෙනවා.
එමෙන්ම පර්යේෂණයට සම්බන්ධ නොවූ ක්වඩ්‍රෑම් ආයතනයේ සම්මානිත සාමාජිකයෙකු වන ඉයන් ජොන්සන් කියා සිටියේ 65°C ට අඩු සිසිල් පාන වර්ග පරිභෝජනය කිරීම මිනිසුන්ට යහපත් බවයි.

කෙසේ වෙතත් ඔහු කියා ඇත්තේ, "ඒක හරිම සරලයි වගේ, නමුත් උණු බීම වලට කැමති අයට තමන්ගේ පුරුදු එතරම් පහසුවෙන් වෙනස් කර ගත හැකිද යන්න වෙනම කාරණයක්," යනුවෙන්.
මේ අතර පර්යේෂකයන් අවධාරණය කළේ esophageal පිළිකා ඇතිවීමේ සමස්ත සම්භාවිතාව සාපේක්ෂව අඩු මට්ටමක පවතින බවත්, උණුසුම් පාන වර්ග සෘජුවම පිළිකා ඇති කරන බව ඔප්පු කිරීමට වඩා සම්බන්ධතාවයක් මෙම සොයාගැනීම් මඟින් පෙන්නුම් කරන බවත්ය.

