හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු අද
හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩු 4ක තීන්දු අද කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ .
ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව වාහන 11ක් කුලී පදනම මත ලබාගෙන රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේ මෙම නඩු ගොනුකර ඇත.
විත්තිකරු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින්, නිසි කාර්යපටිපාටියෙන් බැහැරව අත්පිට මුදලට වඩා වැඩි වටිනාකමකට කුලී පදනම මත එම ආයතනයට වාහන ලබා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර මෙම නඩු ගොනුකර තිබේ .
මෙම නඩුවල තීන්දුව පසුගිය අප්‍රේල් මස 30දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එදිනට අදාළ නඩු තීන්දු සූදානම්ව නොතිබීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අද (26දා) තීන්දුව ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී ඇත