බුදු තෙමගුල සිහි කරන රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වය හෙට සිට

Report

 ශ්‍රී බුද්ධ වර්ෂ 2570ට යෙදෙන 2026 රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වය ‘දක්ෂිණා ප්‍රභා’ නමින් හෙට (27) සිට මාතර දිස්ත්‍රි­ක්කය කේන්ද්‍ර කර­ග­නි­මින් ආරම්භ කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර ඇත.

‘අභි­ත්ථ­රේථ කල්‍යාණේ’ යන උතුම් බුදු වදන තේමා කර ගනි­මින් “පොදු යහ­පත පිණිස වහ වහා පෙළ ගැසෙමු” යන සමා­ජීය පණි­වි­ඩය මුල්කර­ගෙන සංවි­ධා­නය කරන මෙම ජාතික වෙසක් මහෝ­ත්ස­වය හෙට 27 සිට ජූනි 02 දක්වා මාතර දිස්ත්‍රි­ක්කය පුරා පැවැත්වේ.

මෙවර රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වයේ ප්‍රධාන සමා­ර­ම්භක උලෙළ හෙට තිහ­ගොඩ, මිදෙ­ල්ල­වල පුරාණ රජ­මහා විහා­ර­ස්ථා­න­යේදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. 

ශ්‍රී ලංකාව නොමිලේ රටවල් 40 ක් සඳහා නොමිලේ සංචාරක වීසා අද සිට

ශ්‍රී ලංකාව නොමිලේ රටවල් 40 ක් සඳහා නොමිලේ සංචාරක වීසා අද සිට