ගාලු මුවදොර අරගල භූමියේ උපවාසයක නිරත වූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට...(PHOTOS)

Report

ගාලු මුවදොර අරගල භූමියේ උපවාසයක නිරත වූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් අද (22) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

අප වාර්තාකරු සඳහන් කළේ රෝගාතුර වූ උන්වහන්සේ ගිලන් රථයකින් රෝහල කරා රැගෙනගිය බවයි.

ආණ්ඩුවට ඉවත් වන්නැයි බල කරමින් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගාලු මුවදොර අරගල භූමියේ උපවාසයක් ආරම්භ කර අදට දින තුනකි.

උන්වහන්සේ රෝහල්ගත කිරීමත් සමග මාතර විමලදේව හිමි සහ මාලඹේ සීලරතන හිමි අරගල භූමියට වැඩම කර, යළි උපවාසය ආරම්භ කළහ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now

GalleryGalleryGallery