අඩු මිලට වාහනයක් මිලදී ගැනීම ගැන ආනයනකරුවන් ගෙන් ප්‍රකාශයක්..

Report

නිෂ්පාදිත වසරේ සිට වසර 08ක් දක්වා වූ පැරණි වාහන ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නම් රට තුළ විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව මෙරට සාමාන්‍ය ජනතාවට මිලදීගත හැකි ලෙස සාධාරණ මුදලකට වාහනයක් ලබාගත හැකි බවයි ආනයන කරුවන්ගේ සංගම අවධාරණය කර සිටින්නේ.

මින් පස්සෙ හමුදාවට යන්න ලේසි පහසු නෑ..මේ සුදුසුකම් තියෙන්න ඕන.

මින් පස්සෙ හමුදාවට යන්න ලේසි පහසු නෑ..මේ සුදුසුකම් තියෙන්න ඕන.


එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ, වසර දෙකක් පැරණි වාහන ආනයනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් වාහන මිල ගණන් ද ඉහළ යන බවයි.

මේ අතර වාහන ආනයනයේදී සිදුවන වංචා වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසට ද වාහන ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර සිටියි.

මෙරට තරුණ තරුණියන් ගැන රතු එළියක්..අවුරුදු 15 සිට 24 දක්වා වයසේ පසුවන අයට අනතුරු ඇඟවීමක්..

මෙරට තරුණ තරුණියන් ගැන රතු එළියක්..අවුරුදු 15 සිට 24 දක්වා වයසේ පසුවන අයට අනතුරු ඇඟවීමක්..


වාහන ආනයනකරුවෙකු වන සුජීව යකුපිටිය මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් තමන් ලිඛිතව ජනාධිපතිවරයා ද දැනුවත් කළ බවය.

තවද වාහන ආනයනය කිරීමට අදාලව මෙරට පවතින නීති ශක්තිමත් කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

You May Like This Video