මෙරට තරුණ තරුණියන් ගැන රතු එළියක්..අවුරුදු 15 සිට 24 දක්වා වයසේ පසුවන අයට අනතුරු ඇඟවීමක්..

Report

මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසනවා.

මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් වී ඇති බව, එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවා.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරිය මෙහිදී පැවසුවේ, අවුරුදු 15 සිට 24 දක්වා වූ වයස් කාණ්ඩය මේ සම්බන්ධව ඉතා දැඩි අවධානමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් ලිංගාශ්‍රිත රෝග මෙන්ම අනාරක්ෂිත ගැබ් ගැනීම් ද සිදුවන බවයි.

අද තරුණයින්ගේ සිත් වසඟකරන තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණයින්ගේ සිත් වසඟකරන තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පලකළේ පසුගිය දා කොළඹ විජේරාම පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය,

"විශේෂයෙන්ම ලිංගාශ්‍රිත රෝග සහ HIV රෝග ගත්තොත් ඒකේ ගොඩක්ම බලපෑමට ලක්වෙලා තියෙන්නේ තරුණ වයසේ අය.

අවුරුදු 15 සිට 24 දක්වා කාණ්ඩය ඉතා දැඩි අවධානමකට ලක්වෙනවා. විශේෂයෙන්ම මේ ගැන වැඩිදුරටත් තොරතුරු හොයද්දි සමාජ මාධ්‍ය භාවිතය ඒකට විශාල හේතුවක්.

මේ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් තරුණ තරුණියන් තමන්ට සහකාරයෝ සහකාරියෝ සොයාගන්නවා.

අද සිට කාලගුණයේ ප්‍රබල වෙනසක්..ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්.

අද සිට කාලගුණයේ ප්‍රබල වෙනසක්..ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්.


සමහරවිට එක්කෙනෙකුත් නෙමේ සමාජ මාධ්‍ය කිව්වාම සමහර ඩේටින් ඇප් තියෙනවා ඉතිං ඒවා හරහා තරුණ තරුණියන් විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්නවා.

ඒ විතරක් නෙමෙයි මත්පැන් භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවෙලා තමා සමහර අය ඒ ක්‍රියාවන්ට යොමු වෙලා තියෙන්නේ මේ ආශ්‍රිත හේතු නිසා තමා ලිංගාශ්‍රිත රෝග HIV වැනි වෛරස් වගේම අනාරක්ෂිත ගැබ් ගැනීම් සිදුවන්නේ."

You May Like This Video