කාර් එකක් ගන්න හිටපු අයට සතුටුදායක ආරංචියක්..තව දින කිහිපයකින් කරන්න යන දේ මෙන්න.

Report

කාර් රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් කාරක සභාවට පෙරේදා (28 වැනිදා) දැනුම් දී තිබෙනවා.

එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම කර ඇත.

එලෙස ආනයනය කරන කාර් රථවලට බදු වර්ග හතරක් අයත් වනවා.

අද ලග්න කිහිපයකට අධික වියදම් සිදුවන ග්‍රහයෝගයක්..ඔයත් මේ ලග්න වල නම් පරිස්සමින් වැඩ කරන්න.(VIDEO)

අද ලග්න කිහිපයකට අධික වියදම් සිදුවන ග්‍රහයෝගයක්..ඔයත් මේ ලග්න වල නම් පරිස්සමින් වැඩ කරන්න.(VIDEO)


සියයට 18ක අගය එකතු කිරීමේ බදු (වැට්), සියයට විස්සක රේගු බදු, නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී බදු වශයෙනි.

මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දන්වා ඇත්තේ, නිෂ්පාදන බදු ඇතුළත් කිරීමේ දී රේගු බදු ඇතුළත් නොකෙරෙන බවට 2018 වසරේ හඳුන්වා දී තිබූ රෙගුලාසිය මේ වන විට ඉවත් කර තිබෙන බවයි.

මෙවර වාහනවලට නිෂ්පාදන බදු අය කිරීමේ දී සියයට හයක පමණ වැඩිවීමක් ඇතැයි ද එලෙස බදු සැකසෙන්නේ කැබිනට් මණ්ඩලය අනුමත සූත්‍රයක් අනුව යැයි ද දැනුම් දී තිබේ.

අද දිවයින පුරා වෙනස්ම කාලගුණයක්..සියලු දෙනාම ඉදිරි පැය 24 මේ ගැන හොඳ අවධානයකින් ඉන්න...

අද දිවයින පුරා වෙනස්ම කාලගුණයක්..සියලු දෙනාම ඉදිරි පැය 24 මේ ගැන හොඳ අවධානයකින් ඉන්න...


කාර් රථ ගෙන්වන ගැසට්ටුව නිකුත් කෙරෙන්නේ පෙබරවාරි මස පළමු වැනිදා සිට ද යනුවෙන් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා කළ විමසුමට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත්තේ එම මාසය අතුළත එම ගැසට්ටුව නිකුත් කරන බවයි.