ලංකාවට ජපානෙන් ගේන අලුත්ම වංඩියෙ මිල මෙන්න..අනෙක් වාහන මිලට සිදුවන දේත් කියයි..

Report

ජපානයෙන් ආනයනය කරන ආසන 27 බස් රථයක් මෙරටදී අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් කෝටි දෙකහමාරක පමණ ඉහළ මුදලකට බවත් ජපානයේ ලොරි රථ ආදියෙහිද මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් වාහන ආනයනකරුවන් පවසනවා.

වාහන ආනයනයට අදාළව රජය විසින් රෙගුලාසි නිකුත් කර ඇතත්, වාහන ගෙන්වීමට අදාළ බදු සම්බන්ධ ගැසට් නිවේදන නිකුත් කර නොතිබීම නිසා තවමත් වාහන ආනයනය කිරීමට නොහැකි බවයි ඔවුහු කියා සිටින්නේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ගැන විශේෂ දැනුම්දීමක්..නව මිල පරාසයන් මෙන්න.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ගැන විශේෂ දැනුම්දීමක්..නව මිල පරාසයන් මෙන්න.


වාහන ආනයනකරුවන් සඳහන් කරන්නේ, වාහන ආනයනට අදාළ බදු ප්‍රතිශතයන් රජය කඩිනමින් ප්‍රකාශයට පත් කරන්නේ නම් ලොරි, ඩබල් කැබ්, වෑන් ආදිය ආනයනය කළ හැකි බවයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද කියා සිටියේ වාහන මිලෙහි යම් වැඩිවීමක් සිදුවන බවයි.

වාහන සඳහා බදු සම්බන්ධව යම් ගැටලු තත්ත්වයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ට මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීමේ හැකියාව පවතින බවද ඇමැතිවරයා කියා සිටියි.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි.(VIDEO)


පුද්ගලික වාහන ආනයනය කිරීමේදී රටේ ඩොලර් සංචිතවලට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධවද රජය අධ්‍යයනය කරන බවයි ඔහු කියා සිටින්නේ.

කෙසේවෙතත් යතුරුපැදි ආනයනය කිරීම සම්බන්ධයෙන් දැනට තීන්දුවක් ගෙන නොමැති බවද ඔහු පවසයි.

වාහන ආනයනය සම්බන්ධයෙන් අදහස් දක්වන වීඩියෝවක් පහතින් නරඹන්න👇