පළමු ටොයොටා ලංකා වාහන තොගය මෙරටට ආනයනය කරයි..අලුත් වාහන වල මිල අඩුයි..පැරණි වාහන වල මිල වැඩියි..නව මිල මෙන්න.

Electric Vehicle Department of Motor Vehicles vehicle imports sri lanka Toyota Lanka Vehicle Prices 2025 Toyota Lanka
By Aruna Dec 18, 2024 05:43 AM GMT
Aruna

Aruna

Report

ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු සංචාරක කාණ්ඩයේ වාහන සඳහා ටොයොටා ලංකා වාහන පළමු තොගය මෙරටට ආනයනය කර තිබෙනවා.

ඒ අනුව බස් සහ වෑන් රථ මෙරටට මාස හතරක කාලයක් ඇතුළත සාර්ථකව ආනයනය කරන ලද බවයි එම සමාගම නිවේදනය කළේ.

ලංකාවේ කාන්තාවන් ලෝකයේ අනෙකුත් කතුන්ගෙන් වෙනස් වෙන හැටි කියයි..රටටම ආඩම්බරයක්..

ලංකාවේ කාන්තාවන් ලෝකයේ අනෙකුත් කතුන්ගෙන් වෙනස් වෙන හැටි කියයි..රටටම ආඩම්බරයක්..


එම සමාගම කියා සිටියේ, ඉදිරියේදී තවත් බොහෝ වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ලක්‍ෂ 150ක මුදලකට අලුත්ම ටොයොටා වෑන් රථයක් හා ලක්‍ෂ 170කට අලුත්ම ටොයොටා බස් රථයක් අලෙවි කරන බව, වාහන ආනයනට පෙර ටොයොටා ලංකා සමාගම විසින් පූර්ව ප‍්‍රචාරක දැන්වීම් වල සදහන් කර තිබුණා.

මෙම මිල නියම කර ඇත්තේ වසර දහයක් පමණ පැරැණි මෙම කාණ්ඩයේ වෑන් රථ රුපියල් කෝටි දෙකකට ආසන්න මිලකට අලෙවි කරමින් ඇති පසුබිමකදී වීම ද විශේෂත්වයක්.

අද රාත්‍රී 8.00 සිට 12.00 දක්වා රට පුරා 35000ක් කරන්න යන විශේෂ දේ..මුළු රටම මේ ගැන අවධානයෙන් ඉන්න.

අද රාත්‍රී 8.00 සිට 12.00 දක්වා රට පුරා 35000ක් කරන්න යන විශේෂ දේ..මුළු රටම මේ ගැන අවධානයෙන් ඉන්න.


ශ්‍රී ලංකාවට වසර හතරක පමණ කාලයක් තිස්සේ වාහන ආනයනය අත්හිටුවා තිබුණේ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ය.

ඒ හේතුවෙන් මෙරට භාවිතා කරන වාහන වල මිලද අසාමාන්‍ය ලෙස ඉහල නංවා තිබේ.

You May Like This Video


ReeCha