හදිසියේම අජිත් රෝහණ සහ පොලිස් ප්‍රධානියෙක් රටින් පිටව යයි..හේතුව මෙන්න..

Report

විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ , නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න යන මහත්වරුන් අද (30) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකාව බලා පිටත් වී ගිය බව වාර්තා වනවා.

හදිසියේම අජිත් රෝහණ සහ පොලිස් ප්‍රධානියෙක් රටින් පිටව යයි..හේතුව මෙන්න.. | Ajithi Rohana Spacial Notice

ඇමෙරිකානු රජය මගින් මෙම පුහුණු පාඨමාලා දෙක සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රබල දේශපාලන පක්ෂයක හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගනී..

ප්‍රබල දේශපාලන පක්ෂයක හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගනී..

මේ අතර, රුසියානු - යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන මස රුසියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව,රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙරට නියෝජිත පිරිස ජුනි 5 - 7ත් අතර කාලසීමාවේදී රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවයි.

රුසියානු - යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් මීට පෙර විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙනු ලැබුවා.

තෙල් මිල පහළ යයි..නව මිල ගණන් මෙන්න..

තෙල් මිල පහළ යයි..නව මිල ගණන් මෙන්න..


තාරක බාලසූරිය මහතා අවධාරණය කළේ, එම අංකයට මේ දක්වා පැමිණිලි 455ක් ලැබී ඇති බවයි.

ඒ අනුව මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙක් අතුරුදන්වී ඇති බව ද වාර්තා වේ.

තවත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙක් නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණු බවයි මාධ්‍ය හමුවේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේ.