වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - මාස 3කට සැරයක් මේ පරීක්ෂණය අනිවාර්යයි - සැප්තැම්බර් 19 පසු නීතිය දැඬි වෙයි

Report

අද දින (08) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා විසින් මගී ප්‍රවාහනයේ නිරත වන බස් රථ හා වෑන් රථ ආදී මගී ප්‍රවාහන වාහන කිලෝමීටර් 5000කට අඩුවෙන් හෝ මාස 3කට අඩු කාලයකදී සාමාන්‍ය මට්ටමේ රථවාහන යෝග්‍යතා පරීක්ෂණ සහතිකයක් ලබා ගත යුතු බව නිවේදනය කර ඇත.

මෙය වාර්ෂිකව සිදු කරන රථවාහන යෝග්‍යතා පරීක්ෂණයක් නොවන බවත් ඊට අඩු මට්ටමේ පරීක්ෂණයක් බවත් පවසා ඇත.මෙහිදී පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට අවශ්‍ය බවත් මෑත කාලීනව සිදු වූ බිහිසුණු අනතුරු හේතුකොටගෙන මෙම තීරණය ගත් බවත් ඔහු පැවසුවේය.

රියදුරන්ට PT License අනිවාර්ය කෙරේ - මොඩියුල 10ක් දින 10න් පුහුණුවට - අමාත්‍ය නිවේදනය මෙන්න

රියදුරන්ට PT License අනිවාර්ය කෙරේ - මොඩියුල 10ක් දින 10න් පුහුණුවට - අමාත්‍ය නිවේදනය මෙන්න

වාහන කුළියට ලබා දෙන වාහන හිමියන්ද මෙම වගකීම නිසි ලෙස ඉටු කල යුතු බව ඔහු පැවසුවේය.මෙම තීරණය පළමුවෙනි ගැසට් පත්‍රය බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නරක තත්ත්වයක පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ආසන පටි අනිවාර්ය කිරීම පිළිබඳව උපුටා දැක්වීය.

කොළ පැහැති වාහන ලියාපදිංචි තහඩු - අලුත්ම නීතියෙන් පොලීසියත් කලබලයට

කොළ පැහැති වාහන ලියාපදිංචි තහඩු - අලුත්ම නීතියෙන් පොලීසියත් කලබලයට

නමුත් ඇතැම් වාහන නිෂ්පාදනයේදී වාහන ආසන පටි නොමැතිව මෙරටට පැමිණ ඇති අතර එම වාහන සඳහා අවුරුද්දක කාලයක් ලබා දුන් බවත් ඒ අනුව සැප්තැම්බර් 19 දිනයෙන් පසු සියලුම අධිවේගයේ යන වාහන සඳහා ආසන පටි අනිවාර්ය බව පැහැදිලි කළේය.

සැප්තැම්බර් 19 දිනයෙන් පසු ආසන පටි නොමැතිව අධිවේගයේ පැමිණෙන වාහන සඳහා පොලිසිය විසින් නීතිමය පියවර ගන්නා බවත් ඔහු පැහැදිලි කළේය.    

මේ පාසල් සඳහා විශේෂ නිවාඩුවක් - ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

මේ පාසල් සඳහා විශේෂ නිවාඩුවක් - ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

නාමල් රාජපක්ෂට මරණ තර්ජන එල්ල වෙලා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - සමාජ මාධ්‍යයේ ව්‍යාජ ප්‍රචාරත් ඉහළට

නාමල් රාජපක්ෂට මරණ තර්ජන එල්ල වෙලා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - සමාජ මාධ්‍යයේ ව්‍යාජ ප්‍රචාරත් ඉහළට

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - මාස 3කට සැරයක් මේ පරීක්ෂණය අනිවාර්යයි - සැප්තැම්බර් 19 පසු නීතිය දැඬි වෙයි | New Bus Safety Checks Expressway Seatbelt Rules