ගේන වාහන චුට්ටක් මිල වැඩිවෙයි. මං යන්නේ වාහන 3ක විතරයි. - ජනපති අනුර.

Report

පෙබරවාරි මස 01දා සිට වාහන ආනයනය කිරීමට අවසර ලබා දෙන බවත්, එහිදී චුට්ටක් වාහන මිල ඉහළ යනු ඇති බවත් ජනාධිපති අනුර දිසානායක පවසනවා.

එහිදී චුට්ටක් වාහන මිල ඉහළ යනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ හෝමාගමදී පවත්වන ලද ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින්.

එමෙන්ම පෙර ආණ්ඩුවල මෙන් වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වාහන පෙළපාලි නොයන බවත් සියලුම ඇමතිවරුන් පාවිච්චි කරන්නේ එක් වාහනයක් පමණක් බවත් ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

වාහන තුනක් ගියොත් ඒ තමන් බවත් එකක තමන් යන බවත් එය දෝෂයකට ලක් වුණොත් ගමන් කරන්න තව වාහනයක් යන බවත් ආරක්ෂක නිලධාරීන් අනෙක් වාහනයේ යන බවත් ඔහු තවදුරටත් එහිදී ප්‍රකාශ කළා. 

රජයෙන් ඇප රහිත ණය ක්‍රමයක්. - ඒ ගැන මහා බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්.

රජයෙන් ඇප රහිත ණය ක්‍රමයක්. - ඒ ගැන මහා බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්.

  

ඉන්ධන මිලෙහි සීඝ්‍ර වෙනසක්. - නව මිල ගණන් මෙන්න. - ඒ අස්සේ 2025 සිදු වන දෙයක් ගැන ඉඟියක්.

ඉන්ධන මිලෙහි සීඝ්‍ර වෙනසක්. - නව මිල ගණන් මෙන්න. - ඒ අස්සේ 2025 සිදු වන දෙයක් ගැන ඉඟියක්.


You May Like This Video