මිල?. සහල් ප්‍රශ්නෙ උඩු දුවපු වෙලාවක, ගත් තීරණයක් මෙන්න..
උත්සව සමයේ මේ දක්වා කාලය තුළ සහල් පාලන මිලට අලෙවි නොකිරීම සම්බන්ධ වැටලීම් 342ක් සිදුකර ඇත.
ඒ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ පසුගිය 17 වැනිදා සිට අද (16) දක්වා කාලය තුළ එම වැටලීම් සිදුකර ඇති බවය.
ඒ අනුව අදාළ වැටලීම්වලින් 6කට අදාළව අධිකරණ තීන්දු ලැබී ඇති අතර එමගින් රුපියල් ලක්ෂ 7ක මුදලක් දඩ ලෙස අය කරගන්නා ලෙසට තීන්දු ලැබී තිබෙනවා.
අනෙකුත් වැටලීම්වලට ද මේ වනවිට නඩු පවරා අධිකරණමය තීන්දු ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.
You May Like This Video👇
.