මෙවර අයවැයෙන් රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්. - මන්ත්රිලාට වාහන හෝ බලපත්ර නෑ.
Anura Kumara Dissanayaka
Government Employee
vehicle imports sri lanka
By Wayomi
අධික වියදම් දරන රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කරන බවත්, මැති ඇමතිවරුන්ට මෙවර අයවැයෙන් වාහන පර්මිට් කපා හැර ඇති බවත් ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ, ජනාධිපතිවරයා අද (17) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය කතාවේදීයි.
මේ අනුව ජනපති කාර්යාලය සතු අධි සුඛෝපභෝගී වාහන 18ක් භාවිතයෙන් ඉවත් කරන ලද වාහන වාහන 8ක් අලෙවි කිරීම වෙනුවෙන් ජනපති කාර්යාලය විසින් මේ වන විටත් ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබෙනවා.
මෙහිදී ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වී 8 රථ, ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථ, බෙන්ස් මෝටර් රථයක් ආදි වාහන අලෙවි කිරීමට මිල ගණන් කැඳවීමක් සිදුකර ඇත.
මේ අතර රජයේ ඉහළ නිලධාරීන්ට වාහන දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද ජනපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

මෙවර මංගල අයවැයෙන් රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)
You May Like This Video👇

