මරණයකින් කෙළවර වුණු දුර දිග ගිය පවුල් ආරව්ල..
By Piyumika
තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇති බව යාපනය පොලීසිය වාර්තා කර තිබේ .
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇතැයි පැවසේ.
යාපනය පොලිස් වසමේ අරියාලයි ප්‍රදේශයේදී ඊයේ (06) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර තිබුණ් අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, උඩයාර්කට්ටු, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි කාන්තාවකි.
මරණකාරිය, හා දෙවන විවාහයේ පුරුෂයා සමග ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි .
ඝාතනයට සම්බන්ධ 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.