වරුණ ශ්‍රී ධනපාලට ජනපති අලුත් තනතුරක් දෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් වරුණ ශ්‍රී ධනපාල මහතා පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දී ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන වරුණ ශ්‍රී ධනපාල මහතා ඉකුත් 2024 වසරේ නොවැම්බර් මස 29 වැනි දින සිට මේ දක්වා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වශයෙන් කටයුතු කර ඇත.