අසිරිමත් නත්තල හෙට , ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙව්මැදුරේදී
ජේසු බිළිඳාණන්ගේ උත්පත්තිය සිහි කෙරෙන ලොවපුරා කිතුනු බැතිමතුන් සමරන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්‍රියෙදී උදා වීමට නියමිතව තිබේ .
ඒ වගේම මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වේ.
එම දේව මෙහෙය පැවැත්වෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
තවද පොලිසිය විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙළක් නත්තල් උත්සවය හා නව වසරේ උදාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, නත්තල් දින දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම දේව මෙහෙය පැවැත්වෙන බැවින් ආගමික නායකයින්ගේ මෙන්ම බැතිමතුන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම, මූල්‍ය ආයතන, කඩසාප්පු ඇතුලු ජනතාව ගැවසෙන ස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර බුද්ධි නිලධාරීන් මෙන්ම, සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද ඒ සදහා සහය ලබා දෙනු ඇත.
මේ අතර නත්තල් උත්සවය නිමිත්තෙන්, කොළඹ නගරය සහ ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ.
පෙර වසරවලදී නත්තල උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි .
නමුත් මෙවර නත්තල ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට සහන සලසමින් ඉතා චාම් ලෙස සමරන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සියලු කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ.
ඒ උපදෙස පිළිගනිමින් යමින් මෙවර අසිරිමත් නත්තල් දින සැමරුම් ඉතා චාම්ව සිදු කිරීමට කිතුනු බැතිමතුන් පියවර ගෙන තිබේ.
තවද අසිරිමත් නත්තල වෙනුවෙන් කොළඹ නගරය ඇතුළු දිවයින පුරා ප්‍රධාන නගර නත්තල් සැරසිලි වලින් අලංකරණය කිරීමට කටයුතු කර ඇති ආකාරය දැකගත හැකිය.