වහාම, ජනවාරි 1 වෙනිදා සිට අවු.12ට අඩු ළමුන් සම්බන්ධයෙන් වෙන තහනම.. විශේෂ ගැසට් නිවේදනයත් නිකුත් කරයි..(PHOTO)
අවුරුදු 12ට අඩු ළමුන් ආහාර ද්‍රව්‍ය ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ය.
ඒ අනුව එළඹෙන ජනවාරි මස පළමු වැනි දින සිට කිසිදු ලෙසකින් වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙළෙඳ දැන්වීම් සඳහා යොදාගත නොහැක.
කෙසේ වෙතත්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී පැවසුවේ, ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන බවය.
එම ගැසට් නිවේදනය පහතින්,
You May Like This Video👇
.
