රටම බලන් ඉන්න, තැපැල් ඡන්ද ගැන.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (06) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ය.
ඒ අනුව මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,
"මේ වනවිට වාර්තා වන අන්දමට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද භාවිත වෙලා තියෙනවා වගේම ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ඒ ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාලවලට භාරදීලා තියෙනවා.
අපි ඒක සංසන්දනාත්මකව බලන්නේ තැපැල් කාර්යාලවලට ලැබෙන ඒ තැපැල් පැකට්ටු සංඛ්‍යාවත් සමග.
ඒ නිසා පළමු දිනයේ විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා අද දිනයේත් විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා කියලා නිරීක්ෂණය වෙනවා."