රාජ්‍ය සේවයට තවත් බඳවා ගැනීමක්.. යන්න ආසාවෙන් හිටිය අයට.. දිනයන් එක්ක විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා/පිරිමි නියාමක තනතුර බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් ය.

රාජ්‍ය සේවකයින්ට දීමනාවක්.. හොඳට වැඩ කළොත් තවත් නොහිතපු වාසියක්.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..

රාජ්‍ය සේවකයින්ට දීමනාවක්.. හොඳට වැඩ කළොත් තවත් නොහිතපු වාසියක්.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..


එය 2024.10.05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව සුදුසුකම් ලද සියලුම අයදුම්කරුවන් එදිනට පැමිණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙසට දැනුම්දී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා/පිරිමි නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගැනීමට 2023.09.15 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පරිදි විභාග දෙපාර්තමේන්තුව මගින් ලිඛිත පරීක්ෂණයක් පවත්වා තිබුණේ ය.

රනිල් නැවතත් ජනපති කරන්න, එකවරම තවත් බල අතු 04ක් එක් වෙයි.. ඒ ගැන ඇහුවොත් පුදුම හිතෙයි..

රනිල් නැවතත් ජනපති කරන්න, එකවරම තවත් බල අතු 04ක් එක් වෙයි.. ඒ ගැන ඇහුවොත් පුදුම හිතෙයි..


ඒ අනුව, ලිඛිත පරීක්ෂණයෙන් සමත් වු අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය සහිතව 2024.09.07 හා 08 වන දිනවල පල්ලේකැලේ, අගුණකොලපැලැස්ස, අනුරාධපුර සහ කොළඹ යන මධ්‍යස්ථානවල පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද නොවැළැක්විය හැකි හේතුවක් නිසා එම දිනවලදී පැවැත්වීමට නොහැකි විය.

රටම බලන් හිටිය, ලාෆ්ස් ගෑස් මිලට මොකක්ද වුණේ?. මෙන්න වෙලා තියෙන දෙය..

රටම බලන් හිටිය, ලාෆ්ස් ගෑස් මිලට මොකක්ද වුණේ?. මෙන්න වෙලා තියෙන දෙය..


කෙසේ වෙතත්, එම නිසා එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඔක්තෝබර් මස 05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට නියමිත ය.