ඉරානයේ සිටින ඇමරිකානුවන්ට හදිසි ආරක්ෂක දැනුම්දීමක්

Report

ඉරානයේ සිටින ඇමරිකානු වැසියන්ට වහාම එරටින් ඉවත් වන ලෙස ඉරානයේ ඇමරිකානු තානාපති කාර්යාලය හදිසි ආරක්ෂක දැනුම්දීමක් නිකුත් කර ඇත.

ඒ වගේම ඉරානය පුරා පවතින විරෝධතා උද්ඝෝෂණ සහ නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බව වාර්තා වේ.

එම කාර්යාලය පෙන්වා දෙනු ලබන්නේ ඒවා ප්‍රචණ්ඩකාරී වීමෙන් පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමට සහ තුවාල ලැබීමට ඉඩ ඇති බවයි .

මෙම කාරණාව නිසා ඇමරිකානු වැසියන් වහාම ඉරානයෙන් ඉවත් විය යුතු බවත් ආරක්ෂිත නම් තුර්කිය හෝ ආර්මේනියාව හරහා ගොඩබිම් මාර්ගයෙන් ඉවත් වීමට සලකා බැලිය යුතු බවත් එමගින් පෙන්වා දී තිබේ.

ලෝක ප්‍රසිද්ධ ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු මිය යයි - ගෙදර වැටිලා ඉද්දි පොලිසිය සොයා ගෙන

ලෝක ප්‍රසිද්ධ ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු මිය යයි - ගෙදර වැටිලා ඉද්දි පොලිසිය සොයා ගෙන

මේ වනවිටත් එහි දැඩි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක වනු ලබයි තවද මාර්ග වසා දැමීම්, පොදු ප්‍රවාහන බාධා කිරීම් සහ අන්තර්ජාල විසන්ධි කිරීම් සිදුවෙමින් ඇත.

ඉරාන රජය විසින් ජංගම, ස්ථාවර සහ ජාතික අන්තර්ජාල පද්ධතිවලට ප්‍රවේශ වීම සීමා කර ඇත.

ඒ වගේම ගුවන් සමාගම් විසින් ඉරානය වෙත සහ ඉරානයෙන් පිටතට යන ගුවන් ගමන් සීමා කර හෝ නතර කර තිබෙන බව වාර්තා වේ .

ඇමරිකාව සිය වැසියන්ට උපදෙස් දී ඇත්තේ විරෝධතාවලින් ඈත්ව සිටින ලෙසත්, අවට සිදුවන දේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ප්‍රාදේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙසයි.

අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි අනුකම්පා කරනවා – මිහින්තලේ හිමි

අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි අනුකම්පා කරනවා – මිහින්තලේ හිමි

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්