ලොවක් බලා සිටි මොහොත එළඹෙයි - සාමය අරන් එන්න ඉරානයේ ප්‍රබලයෝ දෙන්නෙක් පාකිස්ථානයට

Report

අමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් අවසන් කිරීම සඳහා වන සාම සාකච්ඡා අද (11) දින පාකිස්ථානයේදී ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

ඒ සඳහා ඉරාන කථානායක මොහොමඩ් බකර් කලීබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ඇතුළු පිරිසක් ඉස්ලාමාබාද් අගනුවර වෙත පැමිණ ඇති බව සඳහන්.

එමෙන්ම මෙම සාකච්ඡාවලදී අමෙරිකානු දූත පිරිස මෙහෙයවීමට උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද ඊයේ පාකිස්ථානයට පැමිණ තිබුණු බව වාර්තා විය.

සති දෙකක තාවකාලික සටන් විරාමයක් පවතින අතරතුර, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ස්ථිර සාමයක් ඇති කර ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබෙන අතර, සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට එරෙහිව නැවත ප්‍රහාර ආරම්භ කිරීමට අමෙරිකානු නෞකා සූදානම් කර ඇති බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සඳහන් කර ඇත.

ලෝකෙම පුදුම වෙයි - ලෙබනන් - ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡාවලට අමෙරිකාව හදිසියේම පෙරමුණ ගයි

ලෝකෙම පුදුම වෙයි - ලෙබනන් - ඊශ්‍රායල සටන් විරාම සාකච්ඡාවලට අමෙරිකාව හදිසියේම පෙරමුණ ගයි

එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය ඉතා ඉක්මනින් විවෘත කිරීමට තමා කටයුතු කරන බවත්, එය ඉරානයේ සහයෝගය ඇතිව හෝ නැතිව සිදු කරන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කී ස්ටාර්මර් සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය මුහම්මද් ෂෙබාස් ෂරීෆ් අතර පැවැති සාකච්ඡාවකදී, ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පැවැත්වීමට පාකිස්ථානය දරන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහය බ්‍රිතාන්‍යයේ ඇගයීමට ලක්ව ඇති බව ද සඳහන්.

තවත් යුද්ධයක්ද? පාකිස්ථානය කළ ශාපයට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් රතු එළියක්

තවත් යුද්ධයක්ද? පාකිස්ථානය කළ ශාපයට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් රතු එළියක්

ඉරාන ගැටුමෙන් ලෙබනනය ආහාර අර්බුදයකට

ඉරාන ගැටුමෙන් ලෙබනනය ආහාර අර්බුදයකට